Monday, July 17, 2017

මිනිස්සු දාහක් මැද්දෙ උනත් ඔබ තනි වෙන්න පුලුවන්ලු කතාව ඇත්ත. සති අන්ත නිවාඩුවට ඇල්ල නගරය
බලායන  මගේ සහෝදරයෝ තුන් දෙනාගේ හිනා හඬ මැද්දෙත් මන් මගේ ලොකේ තනි උනා.. handfree එක කනේ ගහගෙන සියපරකට වඩා අහපු සින්දුව ආයි paly කලා
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා...
අම්මපා මේ වචන කොහෙන් එනවද මන්දා. ශනුකගේ සින්දුවට කොච්චර ලස්සන video එකක් කරල තිබ්බත්
මට මවා ගන්න මගේම රූපරචනයක් තිබ්බා. සින්දුවේ ඇහෙන එක වචනයක් ගානේ මට මැවුනේ මගේම ෆ්රෙම්. එයාව හම්බුන පලවෙනි දවසේ ඉඳන් අන්තිතිම දවා වෙනකම් සිද්ද්වෙච්චි ගොඩක් දෙවල් ඒ ෆ්රේම්ස් අස්සේ ලස්සනට ගොනු වෙලා තිබ්බා.. මාගාව තුරුලු වෙලා මගේ ඇස් වලට එබුන හැටි.. එතකොට ඒ ඇස් වලින් බේරිච්ච ආදරය. අපේ හැම මතකයක්ම බර ඊයම් බෝලයක් පපුව අස්සේ හිර වෙනවා වගේ වේදනවක් ගේනව.
පේලියෙන් පේලියට මතක් වෙන එයගෙයි මගෙයි මතක ඉවරයක් වෙන්නෙ නැති හින්දා මන් ආයි පියවි ලෝකෙට ආවා. අයියලා තාම හිනාවෙනව එයාලගෙ පරන මතක අවුස්සලා. මාත් එයලට එකතු උනා.. මගේ මතක අවුස්සලා අයෙත් තනි වෙන්න බැරි හින්දා.
අරුත බිඳීගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවානම් හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..
කොහොමද ඒ ඉඩ වෙනකාටවත් දෙන්නේඑයා කොච්චර කිව්වත්.. ඒ ඉඩ එහෙමම තියලා මන් බලන් ඉන්නවා. කවමදාවත් එන්නේ නැති... එයා වෙනුවෙන් මන් බලන් ඉන්නවා.

- අහිකුන්ටකයා -


No comments:

Post a Comment