Friday, July 18, 2014

හීන පස්සෙ දුවගෙන දුවගෙන යනකොට තමා තේරුනේ මට නිදාගන්න තිබුන වෙලාවත් නැති වෙලා කියලා..

Monday, June 16, 2014

නගියි තෙල් මිල... 
නගියි පිටි මිල... 
කමක් නෑ බොල 
කමක් නෑ 
දර්ගා නගරේ 
රත් රුහිරු මිල 
බරපතල ලෙස 
පහල ගොස් ඇත

Thursday, February 13, 2014

නුගේගොඩ අනුල එක ගාවින් මම රත්න්පුර බස් එකක එල්ලුනා.. 
යන්තම් ඉදගෙන එන්න හම්බුනා.. අතේ තිබුන කැමරා බෑග් එකත්.. තුරුලුකරන් 
මම සීට් එකේ හරිබරිගැහිල වාඩි උනා...
අම්මෝ....... ඇති යන්තම්.. අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් දලා.. 
වෙනදට ඇහෙන සින්දු.. අහගෙන ආවේ දැනුන නිදහසත් එක්කමයි..

''රෑ තාරකාවෝ.. බැලුවා එබී...
කිමදෝ ඔබේ නුවන් කදුලින් තෙමී... ''

කැලැරන්ස් මහත්තයගේ සින්දුවක්.. Chorus අහන් ඉනකොට නිකන් දැනුනා මේ කියනෙනම් බූට් සින්දුවක් නෙමෙයි කියලා ඒපාර හොදටම අහගෙන හිටියා.
වැඩේ තේරුනේ එතකොටනේ..
අහලම බලන්නකො කතාව කියනවට වඩා ඒක රහට හිටියි

http://www.youtube.com/watch?v=-T7Qe02QbD4

Tuesday, January 21, 2014

අම්තක කරන්න එපා චැනල් එක කාගේ උනත් ගෙදර TV එකේ රිමෝට් එක ඔබ අතේ කියලා.. මතක තියාගන්න පට්ට ගොන් වැඩසටහන් හිට් කරේ ඔයාලමයි..