Tuesday, October 31, 2017

නිදිනේන මහ රෑක
තනි කමින් ගුලි වෙද්දී...
නුඹගාව නැවතිච්චි
මතක හද පාරද්දී...
බොර පාට ඇස් මගේ
තව තවත් රතු වෙද්දී...
අහිමි පෙම හිත හොයයි
සසර මඟ හුරු වෙච්චි...

Friday, October 27, 2017

පොඩිකරලා ගුලිකරලා විසිකරපු කොල අස්සේ..
මහ ගොඩක් කවි තිබ්බා නුඹ නමට ලියවෙච්චි..
අපි අපිට හිමි නැතුව පාලුවෙන් තනිවෙද්දී..
මන් කොහොම කවි ලියනු වචන හද හිරවෙද්දී...

Sunday, October 15, 2017

උඹෙ හිතට හොඳනැති
අද වගේ දවස් වල..
මොකවත්ම නොකියා
නිහඩවම හිදිමි මම..

මහමෙරක් ප්‍රශ්න උඹේ
ඔලුව උඩ දගලද්දී..
හයියෙන්ම දුවලා උඹ
හති වැටිලා නවතිද්දී..
මගෙ මැනික සනසන්න
නුඹෙ ලඟම මම ඉන්නේ..

මොකවත්ම නොකිය මම
තුරුළුකරගෙන ඉන්නේ..
අපි අපිට බැඳී ආලේ..
නුඹ දන්න හින්දානේ...