Thursday, November 23, 2017

නාඩහිටපන්... නාඩහිටපන්...
උඹට වාගෙම මටත් පාලුයි...
උඹට වාගෙම මටත් රිදෙනවා..
ඇයගේ සෙනහස මාත් හොයනවා...
ඒත් ඇය දැන් දුරයි හොඳටම..
නාඩහිටපන්...
මගේ හදවත...


Wednesday, November 22, 2017

සයුරු තෙර එක් සවස් ජාමෙක..
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම

දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..

හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..

උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...



Thursday, November 16, 2017

ඔයයි මමයි...
ලොකේ සමහර දේවල් තියෙනව ඒ දේවල් උනේ ඇයි කියලා හේතුවක් නෑ.. තර්කයක් නෑ.. තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. හරියට මමයි ඔයයි වගේ.. ලොකේ වෙන්නම බැරි දේවල් 2ක් 3ක් අරන් බලමු..
මාලු බනිස් ගෙඩියක මාලු හොයන එක.. ලංකාවේ මනුස්සයෙක් වෙලාවකට වැඩ කරන එක.. ඔය වගේ වෙන්නම බැරි දේවල්... අන්න ඒ වගේ අපි දෙන්නගේ ආදරෙත්...වෙන්නම බැරි වැඩක්.. ඒක උනේ ඇයි කියල.. හේතුවක් තිබ්බනම් හොදයි.. තර්කයක් තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. මුල්ම දවස් වල ඔයාට කතා කරනකොට ඒකේ තිබ්බා පොඩි ආතල් එකක්.. ඔව් ඔව්.. ඔයාටත් එක එහෙම්ම තිබ්බා..  අපරාදේ.. අපි ඒ ආතල් එක කුඩු කර ගත්තේ.. ඒත් love කරන එකෙත් වෙනමම ආත්ල් එකක් තිබ්බනේ.. හැබැයි ඒ ආතල් එක කුඩුවෙනකොට ටිකක් කලින්ට වඩා අමාරුයි.. වේදනයි.. ඔයා හරි.. අපි දෙන්නම දැනගෙන හිටියා.. මේ ආතල් එක කුඩුවෙනකොට සෑහෙන අමාරුයි කියලා.. පිටු ගනන්.. පොත් ගනන්.. මේ වගේ ගොන් හෑලි ලියන්න පුලුවන් උනත්.. දැන් ඒකෙත් ලොකු ආතල් එකක් නෑ.. ඒ හින්දා මම ටිකක් මෙතන නතර වෙන්නම්..  ඔයා යන්න.. පරිස්සමට.. ආයෙත් එන්න.. කවදාහරිම.. හේතුවක් එක්ක... තර්කයක් එක්ක... එතකම්ම මන් බලන් ඉන්නම්.. හේතුවක් නැතුවම... 

-අහිකුන්ටකයා-

Sunday, November 12, 2017

හඳ ගැඹුරුම තැන රැදවූ
අප මතකය සොය සොයා..
පෙර අප ගිය මාවත්වල 
සැරුවෙමි මම වී හුදෙකලා..
නුඹ අත ගෙන දෙඩු පෙම් බස් 
ඇත සවනේ තැවරිලා..
බැඳෙනු නොහැකි නම් අපහට 
මේ බවයේ කිසිම දා.
මතු බවයෙත් නුඹම පතමි
නෙතු කදුලැලි පිසදමා..

-අහිකුන්ටකයා-

Friday, November 10, 2017

එකමත් එක රටක
බොහොම ඉස්සර..
හිටියා අහිකුන්ටකයෙක්...
කිසිම හීනෙක 
තදින් නොඇලුන..
තවත් එක් දවසක 
හමුවුණා ඔහුට
සින්ඩරෙල්ලා...
සපත්තුව නොවේ ඇගේ..
කරාබුවකුයි නැතිව තිබුනේ.. 
ඉතින් ඉක්බිති...
එකම හීනෙක ඇලිලා හිටියයි..
අහිකුන්ටකයා...

Wednesday, November 8, 2017

ඇය හරිම හපනී..
ඉඳ හිට මා රිදවන්න
යන්තමට.. ළාමකව..
මගේ අලුගෝසුවාගේ
උපාධිය උගත්කම
තමයි ඇගෙ අල්පෙනෙත්ත..  
ඉඳ හිට... 
මට ඇණ බලන.. 

Thursday, November 2, 2017

තැලී කුඩුපට්ටම්වුන හදවතක
ශේෂ වූ ප්‍රේමය සොයා..
අතිශය දීර්ඝ රාත්‍රීන් පසුකරමින් සිටිමි...

-- අහිකුන්ටකයා--