Thursday, October 3, 2013

කිසිවෙකු තනියට නැතිවිට.. 
කවිය උබත් මා හැර ගිය හැටි.......

Tuesday, August 6, 2013

බේබද්දා 

එලි පිටම
රමනයේ යෙදෙයි
සුරාවත්  සමග

Sunday, June 23, 2013

උමතුවෙන් කවි අහපු
උමතුවෙන් කවි ලියපු
මගේ බාල කලේ මට
සිහිවෙනවා යලි යලිත්

දැන් බෑනේ කවි ලියනු
ඒ කාලේ ලිව් ලෙසට

කවි ලියන කෙල්ලෙකුට
පෙම් කරොත් පෙර ලෙසට
හැකි වේද මගේ මිතුරු
කවි ලියනු පෙර ලෙසට

Monday, April 22, 2013

ජිවිතය කියන  තාවකාලික නවාතැනේ
බොහෝ පොඩි වේලාවකට නතර වුනු
 ඇය ගැන සිහින මවන්නට තරම් මේ අහිකුන්ටක උබත්
මෝඩ උන තරම්.....
මන් අහන්නේ එහෙම කරන්න
උබට තියන අයිතිය මොකද්ද?
ඇරත් ඇගේ වචන වලට
 කවදාවත්ම බලාපොරෝත්තුවක් නොතිබුනු උබ,
බලාපොරොත්තු හදා  ගන්නකොටවත්
තේරුනේ නැද්ද උබ විහින් දුක් විදින්න මෙ යන්නේ කියලා.
 දැන්වත් අඩුම ගනේ  මතක තියගනින් උබට ඉන්නේ උබ විතරමයි කියල

බලපන් ඇස් ඇරලා
උදේට ඉර එලිය වැටෙනකොට තියන ලස්සන,
ඒ කෙල්ලගේ වචන වලට වඩා...
කොචර ලස්සනද කියලා...
බලපන්
සීතල හුලන් පාරක් උබේ ඇගේ වදිනකොට කොච්චර සනිපද කියලා
දැන් වත් තේරුම් ගනින් සතුට තිබුනේ ඒ කෙල්ල ගාවනෙමෙයි
පරන උබ ගාවමයි කියල.

Monday, March 25, 2013

Friday, March 8, 2013

මා mediaකාරයෙකු වී දැන් වසරක් ගෙවි ගොසින්.වසරක් තුල මා බොහේ දේ දුටුවෙමි. වින්දෙමි. බොහෝ අය සිතන පරිදි මෙය ලොව ඇති ආතල්ම රැකියාවයි. නමුත් ඇබුල් කන විට ඇති සැප දන්නේ ඇබුල් කන එකා පමනි. බලා ඉන්න උන්ගේ කටට කෙල ඉනුවද කන එකාගේ දත් හිරි වැටෙයි. ඒ කෙසෙ වෙතත් අපි mediya කරන්නේ අන් කිසිම හෙතුවක් නිසා නොව mediya අපේ ජිවිතය නිසාවෙනි.

Monday, February 25, 2013

දෙවියන්වහන්ස,
(ඔබවහන්සේ වෙත එවූ පළමු ලිපිය හා බැදේ )

මීට ටික දිනකට පෙර ඔබතුමන් වෙත එවූ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිලිබද මම බොහෝ කනගටුවට පත් වෙමි.  එමෙන්ම ඔබතුමන් දැන් මා හට දිගටම ගොන් අතල් දීම මම තරයේ හෙලා දකිමි.
ප්‍රධාන වශයෙන්ම මා බරපතල ලෙස පෙම් කල මගේ පෙම්වතිය ඔබතුමන් විසින් වෙනත් හල්පරුවෙක් වෙත සෙට් කිරිම කුජීත ක්‍රියවකි. එපමනක් නොව ඔබතුමන් මගේ මාසික ආදායමද මෙවන විට බරපතල ලෙස අඩු කර ඇත. මේ අදී වශයෙන් පහුගිය කාලය පුරාවටම බොහෝ කෙනහිලිකම් ඔබතුමා විසින් මා හට සිදුකර ඇත.කරුනා කර මෙවන් කුජීත වැඩ ඉදිරියට නොකරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි.

සියලු දෙවි පිහිටයි!
මීට,
අහිකුන්ටකයා...

Sunday, February 24, 2013

මගේ කෙල්ල
කෝ මචන් උබේ කෑල්ල…..  
දැන් ඒක නෑ මචෝ…
ඇයි උබත් එක්ක තරහ උනාද?
නෑ අපි තරහ උනේ නෑ
එහෙනම්?
එයා වෙන කෙනෙක් එක්ක යාලු උනා…………. 

Thursday, January 10, 2013

හෙටක් ගැන හිතන් නැති,
මේ ලොකේ බරක් නැති, මේ ජීවිතේ....
රස උබලටත් දවසක දැනුනොත්
උබලත් කියාවි
අහිකුන්ටකයෝ..............
උබත් තාම ජිවත් වෙනවා කියලා