Friday, December 8, 2017

සියලු දේ අත හැරී යනකොට
කවිය උබ ඇයි මගේ තනියට....?

Thursday, November 23, 2017

නාඩහිටපන්... නාඩහිටපන්...
උඹට වාගෙම මටත් පාලුයි...
උඹට වාගෙම මටත් රිදෙනවා..
ඇයගේ සෙනහස මාත් හොයනවා...
ඒත් ඇය දැන් දුරයි හොඳටම..
නාඩහිටපන්...
මගේ හදවත...


Wednesday, November 22, 2017

සයුරු තෙර එක් සවස් ජාමෙක..
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම

දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..

හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..

උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...



Thursday, November 16, 2017

ඔයයි මමයි...
ලොකේ සමහර දේවල් තියෙනව ඒ දේවල් උනේ ඇයි කියලා හේතුවක් නෑ.. තර්කයක් නෑ.. තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. හරියට මමයි ඔයයි වගේ.. ලොකේ වෙන්නම බැරි දේවල් 2ක් 3ක් අරන් බලමු..
මාලු බනිස් ගෙඩියක මාලු හොයන එක.. ලංකාවේ මනුස්සයෙක් වෙලාවකට වැඩ කරන එක.. ඔය වගේ වෙන්නම බැරි දේවල්... අන්න ඒ වගේ අපි දෙන්නගේ ආදරෙත්...වෙන්නම බැරි වැඩක්.. ඒක උනේ ඇයි කියල.. හේතුවක් තිබ්බනම් හොදයි.. තර්කයක් තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. මුල්ම දවස් වල ඔයාට කතා කරනකොට ඒකේ තිබ්බා පොඩි ආතල් එකක්.. ඔව් ඔව්.. ඔයාටත් එක එහෙම්ම තිබ්බා..  අපරාදේ.. අපි ඒ ආතල් එක කුඩු කර ගත්තේ.. ඒත් love කරන එකෙත් වෙනමම ආත්ල් එකක් තිබ්බනේ.. හැබැයි ඒ ආතල් එක කුඩුවෙනකොට ටිකක් කලින්ට වඩා අමාරුයි.. වේදනයි.. ඔයා හරි.. අපි දෙන්නම දැනගෙන හිටියා.. මේ ආතල් එක කුඩුවෙනකොට සෑහෙන අමාරුයි කියලා.. පිටු ගනන්.. පොත් ගනන්.. මේ වගේ ගොන් හෑලි ලියන්න පුලුවන් උනත්.. දැන් ඒකෙත් ලොකු ආතල් එකක් නෑ.. ඒ හින්දා මම ටිකක් මෙතන නතර වෙන්නම්..  ඔයා යන්න.. පරිස්සමට.. ආයෙත් එන්න.. කවදාහරිම.. හේතුවක් එක්ක... තර්කයක් එක්ක... එතකම්ම මන් බලන් ඉන්නම්.. හේතුවක් නැතුවම... 

-අහිකුන්ටකයා-

Sunday, November 12, 2017

හඳ ගැඹුරුම තැන රැදවූ
අප මතකය සොය සොයා..
පෙර අප ගිය මාවත්වල 
සැරුවෙමි මම වී හුදෙකලා..
නුඹ අත ගෙන දෙඩු පෙම් බස් 
ඇත සවනේ තැවරිලා..
බැඳෙනු නොහැකි නම් අපහට 
මේ බවයේ කිසිම දා.
මතු බවයෙත් නුඹම පතමි
නෙතු කදුලැලි පිසදමා..

-අහිකුන්ටකයා-

Friday, November 10, 2017

එකමත් එක රටක
බොහොම ඉස්සර..
හිටියා අහිකුන්ටකයෙක්...
කිසිම හීනෙක 
තදින් නොඇලුන..
තවත් එක් දවසක 
හමුවුණා ඔහුට
සින්ඩරෙල්ලා...
සපත්තුව නොවේ ඇගේ..
කරාබුවකුයි නැතිව තිබුනේ.. 
ඉතින් ඉක්බිති...
එකම හීනෙක ඇලිලා හිටියයි..
අහිකුන්ටකයා...

Wednesday, November 8, 2017

ඇය හරිම හපනී..
ඉඳ හිට මා රිදවන්න
යන්තමට.. ළාමකව..
මගේ අලුගෝසුවාගේ
උපාධිය උගත්කම
තමයි ඇගෙ අල්පෙනෙත්ත..  
ඉඳ හිට... 
මට ඇණ බලන.. 

Thursday, November 2, 2017

තැලී කුඩුපට්ටම්වුන හදවතක
ශේෂ වූ ප්‍රේමය සොයා..
අතිශය දීර්ඝ රාත්‍රීන් පසුකරමින් සිටිමි...

-- අහිකුන්ටකයා--

Tuesday, October 31, 2017

නිදිනේන මහ රෑක
තනි කමින් ගුලි වෙද්දී...
නුඹගාව නැවතිච්චි
මතක හද පාරද්දී...
බොර පාට ඇස් මගේ
තව තවත් රතු වෙද්දී...
අහිමි පෙම හිත හොයයි
සසර මඟ හුරු වෙච්චි...

Friday, October 27, 2017

පොඩිකරලා ගුලිකරලා විසිකරපු කොල අස්සේ..
මහ ගොඩක් කවි තිබ්බා නුඹ නමට ලියවෙච්චි..
අපි අපිට හිමි නැතුව පාලුවෙන් තනිවෙද්දී..
මන් කොහොම කවි ලියනු වචන හද හිරවෙද්දී...

Sunday, October 15, 2017

උඹෙ හිතට හොඳනැති
අද වගේ දවස් වල..
මොකවත්ම නොකියා
නිහඩවම හිදිමි මම..

මහමෙරක් ප්‍රශ්න උඹේ
ඔලුව උඩ දගලද්දී..
හයියෙන්ම දුවලා උඹ
හති වැටිලා නවතිද්දී..
මගෙ මැනික සනසන්න
නුඹෙ ලඟම මම ඉන්නේ..

මොකවත්ම නොකිය මම
තුරුළුකරගෙන ඉන්නේ..
අපි අපිට බැඳී ආලේ..
නුඹ දන්න හින්දානේ...

Thursday, September 21, 2017

තරු පිරුණු මහ රෑක 
පුන්සදම පතාගෙන 
බලා සිටියෙමි නිදි වරාගෙන..
අමාවක බව හොඳහැටිම දැනගෙන..
මම ඇය වෙනුවෙන්ලියූවෙමි..
පැය ගනන් වරු ගනන් ලියූවෙමි..
ඉන් අවසන සියල්ල මකා දැමුවෙමි
සියල්ල ඉරා දැමුවෙමි.. 
දැන් සියල්ල හිස්ය..
ඇය හිස්වූ මා දකිනු ඇත..

අහිකුන්ටකයා 

Thursday, July 13, 2017

දිලිසෙනා ඇස්වලින්
වැගිරෙච්ච ආදරය....
සියුමැලිම අත්වලින්
පිරිමැදපු ආදරය....
මන් තාම විදිනවා...
නුඹ නැතත් මන් ගාව...

Sunday, July 9, 2017

කොහේ කොතැනක
කවුරු ලඟ හෝ..
සිටී නම් නුඹ හද සිනාවෙන්..
ලදේ මම ඉමි
ලයේ ඇවිලෙන
විරහ ගිනි හැර..
නුඹ ලෙසම මුව සිනාවෙන්..

Saturday, June 24, 2017

මහ වැස්සේ මේ දැනෙන
සීතලෙන් මිදලෙන්න
සොඳුර ඔබෙ උණුසුමත්
ගිලිහුණා පෙර දිනම
කියෙව්වොත් මේ වචන
පුරුදු ලෙස හැමදාම
යලි එන්න මගෙ මැණික
ලබැදි උණුසුම රැගෙන

Monday, June 12, 2017

හිත මිතුරු මාරයා...
මෙහෙ වරෙන් යාලුවා.. 
දෑත දිගු කර සිනාසෙද්දිත්.. 
නොදුටු සේ මා යන්නෙ ඇයි උඹ..
ඇවිත් මා එක්කරන් පලයන්..

Friday, June 9, 2017

තත් කැඩුණු ගිටාරය...
රිදුම් දෙනබිඳුණු අත...
නෑසෙනා නුබේ හඬ...
උරුම කරලයි කරුම පාලුව..

Thursday, June 1, 2017

සියල්ලම අහිමිවනු මිනිසුන් මැද අහිමිවීම ගැන කල්පනා කරමි. යමක් තදින් අල්ලා සිටින විටත් එය ගිලිහී යයිනම් අත්ලට දැනෙන වෙදනාව අතිශයින්ම දරුණුය. ඒ නිසා සියල්ල ලිහිල්ව අල්ලා ගන්නයි මම ඔබට යෝජනා කරමි. නමුත්.. මම තවමත් තදින් අල්ලසිටිමි.

Wednesday, January 11, 2017

මට තාම මතකයි..
මට තාම මතකයි..
උබ ආදරෙන් අනල කවපු
බත් කටක තිබුන රස...
බස් වල මිරිකිලා.. හෙම්බත් වෙලා..
මාව බලන්න එනකොට
උඹේ ඇස් වල තිබ්බ දීප්තිය
මට තාම මතකයි..
උඹ මගේ නලලට දීපු
හාද්දක තිබ්බ තෙත..
ඒ හැමදේකටම වඩා
මට තාම මතකයි..
වචනෙන් නොකියා
උඹ මාව ජීවත් කරවපු
ආදරය...
-- අහිකුන්ටකයා--