Wednesday, November 25, 2015

හීන පස්සෙම 
දුවන මේ රේස් එක 
මං කොහොම දුවන්නද.. 
හීනයක් කිසි දිනක 
දකින් නැති හීනයක

Sunday, October 4, 2015

ලියමි.. පර පෙම්වතියට.... මට ඕනි දවසක. ආයේ නු හමු වෙන්න .................... වෙන මොකටවත්ම නෙමෙයි.. මට ඕනි නුට ස්තූතියි... කියන්න හදවතින්ම... 
කසාදෙන් හිර නොකර.. වෙලාව දුන්නට මට ජීවිතේ විදින්න.. වැරදිලා හරි කියොව්වොත්..... නු මේ ලියවිල.... 
මතක තියාගන්න.. ඉස්සරටත් වැඩියෙන්.. ගරුකරනව මන් දැන් නුට ...

සත්තයි එහෙව් ආලයක්. ලැබුනෙ නෑ අම්මගෙන් ඇර..

Saturday, September 26, 2015

කියා දුක හදවතේ...
හොවා හිස මගෙ උරහිසේ
හිතේ බර තියාගෙන
නිදාගෙන ඈ නොකියාම
මගෙ ඇගිලි තුඩු අතර
දගලනා කෙහෙ රැල්ල
කියයි යලි දුක ඈගේ
නාඩපන් මිතුරියේ..
මහා කතා කීවාට
ලොකු කියා සිතුවාට
බෑ තාම අදුරන්න
උබට මේ මිනිසුන්ව
දැන් ඉතින් ඇහැරියන්..
තව හීන නොදැකපන්...
තව දුරයි නැවතුමට
නෑ විවෙකය උබට
මට වගේ නවතින්න

Thursday, February 19, 2015

බස් රියේ යන මවක්
හඩන තම බිලිදුන්ට
කිරි පොවයි නලවන්ට..
සිටන් සිටි නරුමයෙක්
එබෙයි ඇගෙ තනපුඩට
මව් කුසෙන් මේ ලොවට
බිහි නොවුන පාපයට.....

Saturday, February 14, 2015

                                                           
  වැලන්ටයින්.... 
ආවා.. ආවා... අවා... 
ඔන්න මිත්‍රවරුනී... වැලන්ටයින්.... ආවා..  
අඩුම මුදලට චොකලට් අපෙන්.. 
අඩුම මුදලට  සුවදහමන ප්ලාස්ටික් රෝස මල් අපෙන්.. 
දිනන්න.. දිනන්න... තෑගි දිනන්න.. අහන්න අපේ F.M.
අහ්.. 
තවඩින්ගෙන් අමතක වෙනවා.. අඩුම මුදලට වැඩිම වෙලාවකට.. 
සුවපහසු කාමර පහසුකම් අපෙන්... 
සමරන්න.. සමරන්න.. වැලන්ටයින් ලාබයි..
ලාබයි..  ලාබයි.. වැලන්ටයින් ලාබයි..
මිත්‍රවරුනී...
ආදරය.. පිවිතුරුයි.... 
හැමදාම ෆෙල් වෙන්නෙ එකම පේපර් එක කොයිතරම් ලගින් හිටියත් මිනිස්සු තේරුම් ගන්න තමයි අමාරුම
කෙලෙස නුබ හමු වන්නෙ..
කෙලෙස පෙම පවසන්නෙ
බුකියවත් නැති රටක
නොවැ සොදුර නුබ ඉන්නෙ
නුහුරුයි මට නුබෙ මව් බස
දුර ඈතයි නුබෙ මව් රට
යලි දවසක නුබ වෙනුවෙන්
ඉගිලෙමි මම මේ දූවෙන්