Saturday, September 26, 2015

කියා දුක හදවතේ...
හොවා හිස මගෙ උරහිසේ
හිතේ බර තියාගෙන
නිදාගෙන ඈ නොකියාම
මගෙ ඇගිලි තුඩු අතර
දගලනා කෙහෙ රැල්ල
කියයි යලි දුක ඈගේ
නාඩපන් මිතුරියේ..
මහා කතා කීවාට
ලොකු කියා සිතුවාට
බෑ තාම අදුරන්න
උබට මේ මිනිසුන්ව
දැන් ඉතින් ඇහැරියන්..
තව හීන නොදැකපන්...
තව දුරයි නැවතුමට
නෑ විවෙකය උබට
මට වගේ නවතින්න