Tuesday, April 3, 2018

අතිශය ශීත රාත්‍රින් පහන් කීරීම සැම විටම අපහසු කාරියකි. කාලය ගමන් කිරීම ශුන්‍යදැයි සිතෙන තරමටම එය වේදනාකාරී හැගීමකි.. මේ ජිවිතයද දැන් දැන් එවැනි ශීත රාත්‍රියක හැගීම ගෙන දෙයි..

Thursday, February 22, 2018

ලයේ ලේගුලි හිරව තිබියන්..
නුවන් කදුලින් පෙගී තිබියන්..
සියලු සන්වේදනා නැතී වී... 
අලුත් හෙටකට.. පාව පලයන්...
අපට අප හිමි නොමැති ලෝකෙක
යලිත් කිසිදා.. නූපදීයන්..
ඔබ කෙරේ.. ආලයෙන්..
ඔබ නමට කවි ලියූ...
කවියා මම වෙමි...
පෙර දිනක සෑදෑවේ...
පන්හිඳත් අහිමිවුන...

Wednesday, January 3, 2018

මට නැතිවිය
ඇය නොදැකපු..
ඇය නොකියූ..
මමම ලියපු...
මමම බලපු..
මගෙ කවිපොත..

Friday, December 8, 2017

සියලු දේ අත හැරී යනකොට
කවිය උබ ඇයි මගේ තනියට....?

Thursday, November 23, 2017

නාඩහිටපන්... නාඩහිටපන්...
උඹට වාගෙම මටත් පාලුයි...
උඹට වාගෙම මටත් රිදෙනවා..
ඇයගේ සෙනහස මාත් හොයනවා...
ඒත් ඇය දැන් දුරයි හොඳටම..
නාඩහිටපන්...
මගේ හදවත...


Wednesday, November 22, 2017

සයුරු තෙර එක් සවස් ජාමෙක..
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම

දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..

හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..

උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...