සියලු දේ අත හැරී යනකොට
කවිය උබ ඇයි මගේ තනියට....?
Friday, December 8, 2017
Thursday, November 23, 2017
Wednesday, November 22, 2017
සයුරු තෙර එක් සවස් ජාමෙක..
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම
දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..
හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..
උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම
දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..
හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..
උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...
Thursday, November 16, 2017
ඔයයි මමයි...
ලොකේ සමහර දේවල් තියෙනව ඒ දේවල් උනේ ඇයි කියලා හේතුවක් නෑ.. තර්කයක් නෑ.. තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. හරියට මමයි ඔයයි වගේ.. ලොකේ වෙන්නම බැරි දේවල් 2ක් 3ක් අරන් බලමු..
මාලු බනිස් ගෙඩියක මාලු හොයන එක.. ලංකාවේ මනුස්සයෙක් වෙලාවකට වැඩ කරන එක.. ඔය වගේ වෙන්නම බැරි දේවල්... අන්න ඒ වගේ අපි දෙන්නගේ ආදරෙත්...වෙන්නම බැරි වැඩක්.. ඒක උනේ ඇයි කියල.. හේතුවක් තිබ්බනම් හොදයි.. තර්කයක් තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. මුල්ම දවස් වල ඔයාට කතා කරනකොට ඒකේ තිබ්බා පොඩි ආතල් එකක්.. ඔව් ඔව්.. ඔයාටත් එක එහෙම්ම තිබ්බා.. අපරාදේ.. අපි ඒ ආතල් එක කුඩු කර ගත්තේ.. ඒත් love කරන එකෙත් වෙනමම ආත්ල් එකක් තිබ්බනේ.. හැබැයි ඒ ආතල් එක කුඩුවෙනකොට ටිකක් කලින්ට වඩා අමාරුයි.. වේදනයි.. ඔයා හරි.. අපි දෙන්නම දැනගෙන හිටියා.. මේ ආතල් එක කුඩුවෙනකොට සෑහෙන අමාරුයි කියලා.. පිටු ගනන්.. පොත් ගනන්.. මේ වගේ ගොන් හෑලි ලියන්න පුලුවන් උනත්.. දැන් ඒකෙත් ලොකු ආතල් එකක් නෑ.. ඒ හින්දා මම ටිකක් මෙතන නතර වෙන්නම්.. ඔයා යන්න.. පරිස්සමට.. ආයෙත් එන්න.. කවදාහරිම.. හේතුවක් එක්ක... තර්කයක් එක්ක... එතකම්ම මන් බලන් ඉන්නම්.. හේතුවක් නැතුවම...
-අහිකුන්ටකයා-
Sunday, November 12, 2017
Friday, November 10, 2017
Wednesday, November 8, 2017
Thursday, November 2, 2017
Tuesday, October 31, 2017
Friday, October 27, 2017
Sunday, October 15, 2017
Thursday, September 21, 2017
මම ඇය වෙනුවෙන්ලියූවෙමි..
පැය ගනන් වරු ගනන් ලියූවෙමි..
ඉන් අවසන සියල්ල මකා දැමුවෙමි
ඉන් අවසන සියල්ල මකා දැමුවෙමි
සියල්ල ඉරා දැමුවෙමි..
දැන් සියල්ල හිස්ය..
දැන් සියල්ල හිස්ය..
ඇය හිස්වූ මා දකිනු ඇත..
අහිකුන්ටකයා
Thursday, July 13, 2017
Sunday, July 9, 2017
Saturday, June 24, 2017
Monday, June 12, 2017
Friday, June 9, 2017
Thursday, June 1, 2017
Subscribe to:
Posts (Atom)