මහ වැස්සේ මේ දැනෙන
සීතලෙන් මිදලෙන්න
සොඳුර ඔබෙ උණුසුමත්
ගිලිහුණා පෙර දිනම
කියෙව්වොත් මේ වචන
පුරුදු ලෙස හැමදාම
යලි එන්න මගෙ මැණික
ලබැදි උණුසුම රැගෙන
හිත මිතුරු මාරයා...
මෙහෙ වරෙන් යාලුවා..
දෑත දිගු කර සිනාසෙද්දිත්..
නොදුටු සේ මා යන්නෙ ඇයි උඹ..
ඇවිත් මා එක්කරන් පලයන්..
තත් කැඩුණු ගිටාරය...රිදුම් දෙනබිඳුණු අත...නෑසෙනා නුබේ හඬ...උරුම කරලයි කරුම පාලුව..
සියල්ලම අහිමිවනු මිනිසුන් මැද අහිමිවීම ගැන කල්පනා කරමි. යමක් තදින් අල්ලා සිටින විටත් එය ගිලිහී යයිනම් අත්ලට දැනෙන වෙදනාව අතිශයින්ම දරුණුය. ඒ නිසා සියල්ල ලිහිල්ව අල්ලා ගන්නයි මම ඔබට යෝජනා කරමි. නමුත්.. මම තවමත් තදින් අල්ලසිටිමි.